Pages

Thursday, April 4, 2019

බලාපොරොත්තු

                                 

ඕනිම මිනිහෙක් ඇතුලේ බලාපොරොත්තු
තියෙනවා...
සමහරැන්ට බලාපොරොත්තු අහස උසට නෑ
සමහරැන්ගේ බලාපොරොත්තු අහස උසට...

බලාපොරොත්තු මිනිස්සුන්ව ජීවත් කරවනවා...
ජීවත් වෙන්න හේතු හොයලා දෙනවා...

මිනිහෙක්ගෙන් මිනිහෙක්ට බලාපොරොත්තු වෙනස්
හැබැයි ඒ ලොකු පොඩි හීන අස්සේ තියෙන්නේ
ඒ මිනිහගේ ජීවිතේ ජීවත් කරවන්න හේතුවෙන ශක්තිය...

මරණාසන්නව ඉන්න කෙනෙක්වුනත් ඒ හිත ඇතුලෙත් ජීවත්වෙන්න ආසාවක්, බලාපොරොත්තුවක් තියෙනවා...

අහස උසට තිබුණු හීන බිඳුනත්,
අහිංසක පුංචි හීන බිඳුණත්
ඒ හීනේ, බලාපොරොත්තුවේ අයිතිකාරයාගේ දුක... මහමෙරක් වගේ...

ඒ හින්දම අනුන්ගේ හීනවලට, බලාපොරොත්තුවලට කවදාවත් අකුල් හෙලන්න එපා බං...
සමහරවිට ඒක ඒ මිනිහට ජීවත්වෙන්න තියෙන අන්තිම බලාපොරොත්තුව වෙන්නත් පුලුවන්...

No comments:

Post a Comment