Pages

Friday, July 26, 2019

හීන දකින්නම බය











ඇස් ඉස්සරහම ලස්සනට තිබ්බ ගොඩක්
බලාපොරොත්තු
ඇහි පිල්ලමක් වදින වේගෙටත් කලින්
වෙනස් වෙද්දි
කොච්චර නම් ලස්සන හීන හිත්වල 
තිබ්බත්
හීන දකින්නම බය 
නැතිවුණ හීනවල දුක 
කඳුලුවෙලා වැටූණ නිසයි

Wednesday, July 17, 2019

හැබෑ නොවෙන හීන





        සමහර බැඳීම් තියෙනවා අපිට
        කවදාවත් අමතක කරන්න බැරි...
        ඒත් ඒ බැඳීම ඇතුලෙ ජීවිතේ හොයන,
        ඒ හීන අස්සෙ සතුටු වෙන, 
        අයිති නැතත් ඒ වෙනුවෙන් බලන් ඉන්න,
        ඒ වෙනුවෙන් ජීවිත කාලෙම කැප කරන,
        අපි හැමෝටම තියෙනවා 
        හිත ඇතුලින් දකින්න ආස හීනයක්
        ඒත් කවදාවත් හැබෑ නොවෙන... ♥
        

Saturday, July 13, 2019

බැඳීමක් රැකගන්න




කාලයක් ලඟින් හිටිය මිනිස්සු
ලඟින් තිබුණ දේවල්
කාලෙත් එක්ක ඈතට යද්දි
ජීවිතේ විඳින්නත් විඳවන්නත් පුරැදු වුණ අපි
හිතින් විඳවන ගමන්
ලෝකෙට පේන්න හිනාවෙන්නෙ
මුකුත් නොවුණගානට...

හිනාවකින් මිනිහෙක් මනින්න බැරිවුණාට
හරියටම බැලුවොත්,
හිනාව ඇතුලෙ තියෙන වේදනාව,සතුට, බය,
හැමදේම අපිට තේරැම්ගන්න බැරි නෑ

ඒත් අද අපි හැඟීමක් තේරැම් ගන්නවත්
උත්සහ නොකරන පිරිසක්
සමහරවිට අතීතෙ එහෙම තේරැම් ගන්න ගිය මිනිස්සුන්ට
හැඟීමක වටිනාකමක්වත් නොදන්න අය
ජීවිතේට පාඩම් කියල දුන්න නිසා වෙන්නත් පුලුවන්

අනිකගේ හැඟීමක්, දුකක්, කරදරයක්, සතුටක් තේරැම්ගත්ත මිනිස්සු
වෙන අයගෙ හැඟිම්වලින් අයුතු ප්රයෝජන ගන්න උත්සහ නොකරනතාක් හැම බැඳීමක්ම
පරිස්සම්...

කඳුලක වටිනාකමක්
හිනාවක වටිනාකමත්
තේරැම් ගත්ත මිනිස්සුන්ට බැඳීමක් රැකගන්න අමාරැ නැත්තෙ ඒකයි ♥

පසුතැවීම්



               පසුතැවීම..,

.

ඇත්තක් වෙන්න පුළුවන්, බොරුවක් වෙන්න පුළුවන්, ආදරේ වෙන්න පුළුවන්, තරහවක් වෙන්න පුළුවන්.. ඔය මොනම දේත් අපි දකින්නේ ලියපු කියපු වචනවල විතරයි.. ලෝකේ ඒ තරමට සංකීර්ණ වෙලා..

මම උඹ අපි හැමෝම එහෙම වෙලා.. අපිට ඇහෙන වචනවල අර්ථය විතරක්ම අරගන්න පුරුදුවෙලා.. ඒ හඬේ තියෙන බිඳිච්ච තැන්, කැඩිච්ච තැන්, හැංගිච්ච වේදනාවල් අපිට දැනෙන්නෙවත් නෑ.. ටයිප් වෙන වචනයක් එක්ක ඉමෝජියක් නාවොත් අපි ඒ වචනවල ඇත්තටම තියෙන කතාවල් දන්නෙවත් නෑ..

ඒ අපි දකින අහන දේවල් විතරක්.. ටයිප් කරල මකල දාපු, කියන්න ගිහින් ගිලගත්තු දාස් ගාණක් කතාවල් අපි කවදාවත්ම දැනගන්න එකක් නෑ.. ඇත්තම ජීවිත තියෙන්නේ මේ අපිට පේන තැන්වල නෙමෙයි.. ඇත්තම ජීවිත, ඇත්තම හැඟීම් තියෙන්නේ ඒ මකල දාපු දාස් ගාණක් වචනවල.. කියන්න ගිහින් හංගපු ඒ වචනවල..

කෙල්ලො කොල්ලො සෙක්ස් කරපු වීඩියෝ තරමට ස්මාර්ට් ෆෝන්වල, නෝට් බුක්වල සේව් කරපු පළ නොකරපු අසම්පූර්ණ වියමන් ලීක් වුණානම් හුඟක් ආදර කතා මීට වඩා ආදරණීය වෙන්න තිබුණා..

හැඟීම් එළියට නොදා හංගගත්තු, මොකක්ම හෝ හේතුවකට හංගපු ජීවිත සමහර වෙලාවට ජීවිත කාලෙම ඒ කියාගන්න බැරිවුණ කතා එක්ක හිතෙන් ඉකිගහගෙන ජීවත් වෙනවා.. හීනවල උතුරන්න අඬනවා..

කවදාවත් කියාගන්න බැරිවුණ, කවදාවත් නොකියන එකම එක කතාවක් හරි අපි හැමෝගෙම හිත්වල තියෙනවා..

හරියට " මම උඹට මෙච්චරක් ආදරෙයි " වගේ.. හරියට " මම මෙහෙම කරේ මේකට " වගේ.. හරියට " උඹ මට මෙච්චරක් වටිනව " වගේ.. තව ඒ වගේ දාස් ගාණක්.. ලක්ෂ ගාණක්..

මේ හැම දේකම අග තියෙනවා එකම එක හැඟීමක්.. ලෝකේ තියෙන එපාම කරපු හැඟීමක්.. අසරණම හැඟීමක්.. වෙනස් කරන්න බැරි, හරවන්න බැරි හැඟීමක්..

.

ඒ.,

පසුතැවීම..


Tuesday, July 2, 2019

ආදරේ උපරිමය මොකක්ද ?



මිනිහෙක්ට ආදරේ කරන්න පුළුවන් උපරිමය මොකක්ද?  

මම කල්පනා කරමින් හිටියේ ඒ ගැන! 

කෙනෙක්ගේ ඉහළ පහළ යන උණුසුම් හුස්මකට.. 
දෑත පා බදා සිර කරගන්නා තප්පරයකට.. සුළඟක් එක්ක පාවෙලා එන සුවඳකට.. දිළිසෙන ඇස්වලින් හෙලන බැල්මකට.. ආදරෙයි  කියන මොහොතකට.. 
ළගින් ඉඳගෙන ඉන්න මොහොතකට.. 
දුරින් ඉඳන් ආදරය දෙන වෙලාවකට.. 
මේ හැම විදියකටම හැම තප්පරයකම ආදරය අඩු වැඩි වශයෙන් තිබුණා..

ඒත් උපරිමය...

ඒ ආදරයේ උපරිමය තිබුණේ, 
ඔබ මට කිසිලෙසක ආදරය නොකළ මොහොතක!  
ඒ මොහොතේ අසීමාන්තිකව, අප්‍රමාණව ආදරය කළේ මම!  
ඒ තමා උපරිමය!

අදටත් ඒ නිසා ඔබ තමා උපරිම ආදරය ! ♥️