Pages

Saturday, August 31, 2019

ගවරෙකුගේ කෑ ගැසීම



'අද නම් ගංවතුරත් ගලන්න වගේ' සීයා පැවසුවේ දවස පුරාවටම වැස්ස වහින නිසයි.

වැස්ස නිසාම සීතලයි කළුවරයි හරි හරියට ගමම වෙලාගෙන.
වැස්සේම ගෙට ගොඩවුණු තාත්තා පැවසුවේ
අකුණු සැර වැදී ගවරගිරියේ ජීවත්වුණු සුනිල් මාමා රෝහල් ගතකළ බවයි.

"ගවරගිරිය කියන්නේ කොහේද තාත්තේ? "

        තාත්තා කියූ පණිවිඩය අසා සිටි නංගිගේ
ප්රශ්නය එය විය.

සිනහවකින් නංගිට පිළිතුරැ දුන් තාත්තා නාන කාමරයට පිටව යයි.

සීයා නංගිව ලඟට ගෙන ඇයට කියන්නට ගත්තේ කෙදිනකවත් මා ද නොඇසූ කතාවකි.

සමන් දෙවියන්ගේ ආශිර්වාදය නොමදව ලැබෙන අපේ ගම මනරම් කඳු වළලුවලින් ඇළදොළ ගංගාවලින් හෙබි සුන්දර ගම් පෙදෙසක්.

පුතේ...ජනප්රවාදවල කියවෙන්නේ බුදු හාමුදුරැවෝ සිරිපතුල තියන්නට තෝරාගෙන තිබුණේ සමනල කන්ද නෙවෙයි කියලා.

තෝරගෙන තිබුණේ,
රත්නපුර පිහිටි අපට ඉතා සමීප කඳු පර්වතයක් වූ තොරණකොත නම් කඳු ගැටය බවයි. මේ කන්ද මුදුනට මුළු අයගම නගරයත්, කලවාන තෙක් ටික දුරක්, රත්නපුර ඇළපාත ත් ලස්සනට බලාගන්න පුළුවන්.







ගවරෙකු නම් සතෙකු මේ කඳු පර්වතයට තරමක් දුරින් පිහිටි ගමක ජීවත් වුණු බවත්
බුදුරජාණන් වහන්සේ සිරිපතුල තබන්නට සැරසුණු අවස්ථා තුනකදීම ගවරා කෑගැසූ නිසාවෙන් එය අසුභ සලකුණක් ලෙස සලකා තොරකණකොත කඳු වැටිය මත සිරි පතුල නොතබා සමනළ කන්දේ සිරි පතුල තැබූ බවත් සීයා පැවසීය.

ගවරා ජීවත් වූ ගමේ සිට ගවරා ගිරිය පුප්පා කෑ ගැසූ හෙයින්ම එම ගමට ගවරගිරිය යන නාමය පට බැඳුණු බවත් සීයා පෑවසීය.

එකෙනෙහිම මෙතෙක්වෙලා අඳුරේ සිටි අපට විදුලි ආලෝකය ආ විගස නංගි දිව ගියේ රෑපවාහිනිය අසලටයි.

මා කණගාටුවට පත්කළ කරැණ වූයේ ගවරාගේ කෑගැසිමයි.

ගවරා කෑගැහුවෙ නැත්ම්නම් සිරි පතුල අපේ ගමේම තියෙනවනේ.
මම මටම කියාගත්තෙමි.

                      ගවරගිරිය සිතියම


ASSIGNMENT 
OF
TRADITIONAL COMMUNICATION
HS/2016/1313
A.P. DULMINI YASINTHA


Thursday, August 29, 2019

පල්ලේපත්තුව කුකුළු කෝරලය


පල්ලේපත්තුව කුකුළු කෝරලය

ලංකාවේ ජාතික උරැමයන් ලෝකයට හෙලිකළ ප්රාග් ඓතිහාසික භූගෝලීය, ආර්ථික,සමාජීය හා සංස්කෘතිකාංගයන්හි මූලික දත්තයන් හමුව ඇත්තේ සබරගමුවෙනි.

සබරගමුව ඉපැරණි බෙදීම් අනුව රැහුණු හා මායා රටට අයත් විය. රත්නපුර රැහුණු රටටත්, කෑගල්ල මායා රටටත් අයත් විය. 

අතීතයේ සබරගමුව කෝළ හා පත්තු ලෙස විවිධ පාලන ඒකකයන්ට බෙදී තිබී ඇත.
එහිදී සබරගමුව 

කුරැවිටි,නවදුන්,කුකුළු,අටකලන්,කඩවතු,මැද හා කොලොන්න 

                   යනුවෙන් කෝරලයන් හතකට බෙදා තිබී ඇත.

මෙම කෝරලයන්ගෙන් කුකුළු කොරලයට අයත්වන්නේ සුවිශේෂී ස්ථානයකි.
කුකුළු කෝරලය යන නම පටබැඳී ඇත්තේ පහත ආකාරයටය.
මෙහි ඉතිහාසය දෙවන රාජසිංහ රජ දවස තෙක් ඈතට විහිද යයි. (1629 - 1687 ) එකල පල්ලේපත්තුවේ පරගල ගමෙහි සිටි ගම් ප්රධානියෙකු වූ ටිකිරි කෝරාළ කුකුලන් පොර කෙටවීමේ රජ වාසලේ පැවති උත්සවයකට කුකුලෙකු ගෙනගොස් එහි සිටි අනෙක් කූකුලන් හා සටන්කොට ජයග්රහණය ලබා ඇත. ඒ පිලිබදව පුදුමයට පත් රජතුමා කවිකාර මඩුවේදී පරගල ටිකිරි කෝරළේට ගම්වරයක් තෑගි දී ' පරගල විජේසුන්දර කූකුලු කෝරාළ' යන නාමය ලබා දී ඇත.
එදා පටන් දිග්ගම්පල් කෝරළය ලෙස පැවති කෝළය කුකුළු කෝරළය බවට පත්විණි.එය පහත ජන කවියෙන් වඩාත් තහවුරැ වෙයි.


දිග්ගම්පල්ගම කුකුළා රලුකර පොරයට එන හඬ හඬලාලා

එකින් එකා මහා වාසල බල ඇති කුකුලන් මැරැවා මුල් සිඳලා

පුදුම වෙලා නරනිඳු කවදාවත් නුදුටුව මේ විශ්මය දැකලා

මතක් වන්ට මෙහි නම දිග්ගම්පල් කුකුළු කෝරලේ කව් එකලා




මෙම බිම කුකුළු කෝරළේ වීමට පෙර 'කුකුළ' නමින් හැඳින්වූ බවටද මතයක් තිබේ. ඒ බව අලගිවන්න මුකවෙටිතුමා රචනා කළ 'කුස්තන්නීනු සටනෙහි 17 වන කවියෙන්' පැහැදිලි වේ.



දෙනවක පස් රටක් -     මාතොට දෙසත්                                                       බලවත්
කුකුළ පස් යොත්නක් - අවුල් කරමින් සදා                                                  පෙරළත්




ස්වභාවික පිහිටීම අතින්ද මෙම කෝරළය කුකුලෙකුගේ හැඩහුරැකම ගනී.බෙරගල දක්වා විහිදී ඇති කඳුවැටිය කියත් දැති පෙලක් මෙන් පෙනේ. එය හරියටම කුකුලෙකුගේ කරමලය වැන්න. මෙම පෙදෙස් පසුකරමින් ගංගා දෙකක් ගලා බසියි.
මින් එකක් කුකුළු ගඟවේ. අනෙක කළු ගඟවේ. කුකුළු කෝරලය නැමති කුකුලාගේ පා දෙක මේ දෙ ගංගා වේ. ජන කවියා එයද අපූර්ව ලෙස පෙන්වා තිබේ.

උසට පෙනෙන බෙරගල සිරස        කරමල
රැවට ගලන ගංගා දෙකය               දෙකකුල
දෙපිට දෙපිය යුග වදනි විය දෙකඳු        පෙළ
එවිට පෙඳය මෙනි සති දුනු කෙයිය       ගල



කුකුළු කෝරලයේ පල්ලේපත්තුවේ ප්රධාන නගරය වූයේ අයගමයි.

හෙළ නරපතියන්ගේ කාලයේ රජයේ ආදායම හෙවත් අය එකතු කළ මධ්යස්ථාන මෙය වූ බැවින් අයගම නම ලැබී තිබේ. මෙහි මහනුවරින් ගෙනත් පදිංචි කළ ආදායම් ලේකම් කෙනෙක්, ආරච්චි කෙනෙක්, මුර මුදලි කෙනෙක්ද සිට ඇත.



Wednesday, August 7, 2019




                 සංසාරයේ ඔබ හමු වූ දිනේ
                 මා ලංවුණේ ආදරෙන්....