'අද නම් ගංවතුරත් ගලන්න වගේ' සීයා පැවසුවේ දවස පුරාවටම වැස්ස වහින නිසයි.
වැස්ස නිසාම සීතලයි කළුවරයි හරි හරියට ගමම වෙලාගෙන.
වැස්සේම ගෙට ගොඩවුණු තාත්තා පැවසුවේ
අකුණු සැර වැදී ගවරගිරියේ ජීවත්වුණු සුනිල් මාමා රෝහල් ගතකළ බවයි.
"ගවරගිරිය කියන්නේ කොහේද තාත්තේ? "
තාත්තා කියූ පණිවිඩය අසා සිටි නංගිගේ
ප්රශ්නය එය විය.
සිනහවකින් නංගිට පිළිතුරැ දුන් තාත්තා නාන කාමරයට පිටව යයි.
සීයා නංගිව ලඟට ගෙන ඇයට කියන්නට ගත්තේ කෙදිනකවත් මා ද නොඇසූ කතාවකි.
සමන් දෙවියන්ගේ ආශිර්වාදය නොමදව ලැබෙන අපේ ගම මනරම් කඳු වළලුවලින් ඇළදොළ ගංගාවලින් හෙබි සුන්දර ගම් පෙදෙසක්.
පුතේ...ජනප්රවාදවල කියවෙන්නේ බුදු හාමුදුරැවෝ සිරිපතුල තියන්නට තෝරාගෙන තිබුණේ සමනල කන්ද නෙවෙයි කියලා.
තෝරගෙන තිබුණේ,
රත්නපුර පිහිටි අපට ඉතා සමීප කඳු පර්වතයක් වූ තොරණකොත නම් කඳු ගැටය බවයි. මේ කන්ද මුදුනට මුළු අයගම නගරයත්, කලවාන තෙක් ටික දුරක්, රත්නපුර ඇළපාත ත් ලස්සනට බලාගන්න පුළුවන්.
ගවරෙකු නම් සතෙකු මේ කඳු පර්වතයට තරමක් දුරින් පිහිටි ගමක ජීවත් වුණු බවත්
බුදුරජාණන් වහන්සේ සිරිපතුල තබන්නට සැරසුණු අවස්ථා තුනකදීම ගවරා කෑගැසූ නිසාවෙන් එය අසුභ සලකුණක් ලෙස සලකා තොරකණකොත කඳු වැටිය මත සිරි පතුල නොතබා සමනළ කන්දේ සිරි පතුල තැබූ බවත් සීයා පැවසීය.
ගවරා ජීවත් වූ ගමේ සිට ගවරා ගිරිය පුප්පා කෑ ගැසූ හෙයින්ම එම ගමට ගවරගිරිය යන නාමය පට බැඳුණු බවත් සීයා පෑවසීය.
එකෙනෙහිම මෙතෙක්වෙලා අඳුරේ සිටි අපට විදුලි ආලෝකය ආ විගස නංගි දිව ගියේ රෑපවාහිනිය අසලටයි.
මා කණගාටුවට පත්කළ කරැණ වූයේ ගවරාගේ කෑගැසිමයි.
ගවරා කෑගැහුවෙ නැත්ම්නම් සිරි පතුල අපේ ගමේම තියෙනවනේ.
මම මටම කියාගත්තෙමි.
ගවරගිරිය සිතියම
ASSIGNMENT
OF
TRADITIONAL COMMUNICATION
HS/2016/1313
A.P. DULMINI YASINTHA






