ජීවිතේ කියන්නේ කතාවක්,
ඉවර නොකරපු.
තත්පරයක් ගානේ මේ කතාවට
මිනිස්සු , සිදුවීම් බැඳෙන නිසාම
නිශ්චිත සීමාකවකට යටත් නොකරම
මේ කතාව විඳින්න හෝ විඳවන්න
වෙන්නේ ඒකයි.
හිතින් හිතන අවසානේ
දකින්න ආස වුනත්
මේ කතාවට තියෙන්නේ
කටුස්සෙක් පාට මාරැ කරනවා වගේ
චංචල බවක්
කෙනෙකුගේ කතාව සතුටින් ඉවර වෙද්දී
තවත් කතාවක් කඳුලු ගඟක් වෙලා
ඉවර වෙන්නත් පුලුවන්
නමුත් කතාවේ රචකයා වන ඔබටත් මටත්
කතාව යම් තරමකට හෝ
අපේ කැමැත්ත මත තීරණය කරන්න පුලුවන්
ඒ නිසයි දෛවයට අභියෝග කරපු මිනිස්සුන්ගේ කතා
අනිත් අයගෙන් වෙනස් වෙන්නේ.