සොබාදහමට පුලුවන් හිතක් නිවන්න
වැටිල කැඩිලා බිඳිලා ගිය
හිත් හදන්න.
අව්වට වැස්සට තෙමි තෙමී වේලි වේලි
ගෙවෙන ජීවිතවලට
ඔසුවක් වෙන්න
ඔව් පරිසරයට පුලුවන්
මුහුණට හිනාවක් ගේන්න
හිතට නිදහසක් දෙන්න
ගතට සිසිලක් වෙන්න
මේ සොබාදහමට පුලුවන්
ගතින් ලෙඩවුණත්, හිතින් ලෙඩවුණත්
සැනෙකින් විඩාව සුවකරන
අරැම පුදුම ඔසුවක්
සොබාදහම.

No comments:
Post a Comment