මිනිහෙක්ට ආදරේ කරන්න පුළුවන් උපරිමය මොකක්ද?
මම කල්පනා කරමින් හිටියේ ඒ ගැන!
කෙනෙක්ගේ ඉහළ පහළ යන උණුසුම් හුස්මකට..
දෑත පා බදා සිර කරගන්නා තප්පරයකට.. සුළඟක් එක්ක පාවෙලා එන සුවඳකට.. දිළිසෙන ඇස්වලින් හෙලන බැල්මකට.. ආදරෙයි කියන මොහොතකට..
ළගින් ඉඳගෙන ඉන්න මොහොතකට..
දුරින් ඉඳන් ආදරය දෙන වෙලාවකට..
මේ හැම විදියකටම හැම තප්පරයකම ආදරය අඩු වැඩි වශයෙන් තිබුණා..
ඒත් උපරිමය...
ඒ ආදරයේ උපරිමය තිබුණේ,
ඔබ මට කිසිලෙසක ආදරය නොකළ මොහොතක!
ඒ මොහොතේ අසීමාන්තිකව, අප්රමාණව ආදරය කළේ මම!
ඒ තමා උපරිමය!
අදටත් ඒ නිසා ඔබ තමා උපරිම ආදරය ! ♥️

එලම
ReplyDelete❤
DeleteThis comment has been removed by the author.
ReplyDeleteGreat👆
ReplyDeleteGreat👆
ReplyDeleteTrue❤️
ReplyDeletehmmm
Delete