Pages

Saturday, August 31, 2019

ගවරෙකුගේ කෑ ගැසීම



'අද නම් ගංවතුරත් ගලන්න වගේ' සීයා පැවසුවේ දවස පුරාවටම වැස්ස වහින නිසයි.

වැස්ස නිසාම සීතලයි කළුවරයි හරි හරියට ගමම වෙලාගෙන.
වැස්සේම ගෙට ගොඩවුණු තාත්තා පැවසුවේ
අකුණු සැර වැදී ගවරගිරියේ ජීවත්වුණු සුනිල් මාමා රෝහල් ගතකළ බවයි.

"ගවරගිරිය කියන්නේ කොහේද තාත්තේ? "

        තාත්තා කියූ පණිවිඩය අසා සිටි නංගිගේ
ප්රශ්නය එය විය.

සිනහවකින් නංගිට පිළිතුරැ දුන් තාත්තා නාන කාමරයට පිටව යයි.

සීයා නංගිව ලඟට ගෙන ඇයට කියන්නට ගත්තේ කෙදිනකවත් මා ද නොඇසූ කතාවකි.

සමන් දෙවියන්ගේ ආශිර්වාදය නොමදව ලැබෙන අපේ ගම මනරම් කඳු වළලුවලින් ඇළදොළ ගංගාවලින් හෙබි සුන්දර ගම් පෙදෙසක්.

පුතේ...ජනප්රවාදවල කියවෙන්නේ බුදු හාමුදුරැවෝ සිරිපතුල තියන්නට තෝරාගෙන තිබුණේ සමනල කන්ද නෙවෙයි කියලා.

තෝරගෙන තිබුණේ,
රත්නපුර පිහිටි අපට ඉතා සමීප කඳු පර්වතයක් වූ තොරණකොත නම් කඳු ගැටය බවයි. මේ කන්ද මුදුනට මුළු අයගම නගරයත්, කලවාන තෙක් ටික දුරක්, රත්නපුර ඇළපාත ත් ලස්සනට බලාගන්න පුළුවන්.







ගවරෙකු නම් සතෙකු මේ කඳු පර්වතයට තරමක් දුරින් පිහිටි ගමක ජීවත් වුණු බවත්
බුදුරජාණන් වහන්සේ සිරිපතුල තබන්නට සැරසුණු අවස්ථා තුනකදීම ගවරා කෑගැසූ නිසාවෙන් එය අසුභ සලකුණක් ලෙස සලකා තොරකණකොත කඳු වැටිය මත සිරි පතුල නොතබා සමනළ කන්දේ සිරි පතුල තැබූ බවත් සීයා පැවසීය.

ගවරා ජීවත් වූ ගමේ සිට ගවරා ගිරිය පුප්පා කෑ ගැසූ හෙයින්ම එම ගමට ගවරගිරිය යන නාමය පට බැඳුණු බවත් සීයා පෑවසීය.

එකෙනෙහිම මෙතෙක්වෙලා අඳුරේ සිටි අපට විදුලි ආලෝකය ආ විගස නංගි දිව ගියේ රෑපවාහිනිය අසලටයි.

මා කණගාටුවට පත්කළ කරැණ වූයේ ගවරාගේ කෑගැසිමයි.

ගවරා කෑගැහුවෙ නැත්ම්නම් සිරි පතුල අපේ ගමේම තියෙනවනේ.
මම මටම කියාගත්තෙමි.

                      ගවරගිරිය සිතියම


ASSIGNMENT 
OF
TRADITIONAL COMMUNICATION
HS/2016/1313
A.P. DULMINI YASINTHA


Thursday, August 29, 2019

පල්ලේපත්තුව කුකුළු කෝරලය


පල්ලේපත්තුව කුකුළු කෝරලය

ලංකාවේ ජාතික උරැමයන් ලෝකයට හෙලිකළ ප්රාග් ඓතිහාසික භූගෝලීය, ආර්ථික,සමාජීය හා සංස්කෘතිකාංගයන්හි මූලික දත්තයන් හමුව ඇත්තේ සබරගමුවෙනි.

සබරගමුව ඉපැරණි බෙදීම් අනුව රැහුණු හා මායා රටට අයත් විය. රත්නපුර රැහුණු රටටත්, කෑගල්ල මායා රටටත් අයත් විය. 

අතීතයේ සබරගමුව කෝළ හා පත්තු ලෙස විවිධ පාලන ඒකකයන්ට බෙදී තිබී ඇත.
එහිදී සබරගමුව 

කුරැවිටි,නවදුන්,කුකුළු,අටකලන්,කඩවතු,මැද හා කොලොන්න 

                   යනුවෙන් කෝරලයන් හතකට බෙදා තිබී ඇත.

මෙම කෝරලයන්ගෙන් කුකුළු කොරලයට අයත්වන්නේ සුවිශේෂී ස්ථානයකි.
කුකුළු කෝරලය යන නම පටබැඳී ඇත්තේ පහත ආකාරයටය.
මෙහි ඉතිහාසය දෙවන රාජසිංහ රජ දවස තෙක් ඈතට විහිද යයි. (1629 - 1687 ) එකල පල්ලේපත්තුවේ පරගල ගමෙහි සිටි ගම් ප්රධානියෙකු වූ ටිකිරි කෝරාළ කුකුලන් පොර කෙටවීමේ රජ වාසලේ පැවති උත්සවයකට කුකුලෙකු ගෙනගොස් එහි සිටි අනෙක් කූකුලන් හා සටන්කොට ජයග්රහණය ලබා ඇත. ඒ පිලිබදව පුදුමයට පත් රජතුමා කවිකාර මඩුවේදී පරගල ටිකිරි කෝරළේට ගම්වරයක් තෑගි දී ' පරගල විජේසුන්දර කූකුලු කෝරාළ' යන නාමය ලබා දී ඇත.
එදා පටන් දිග්ගම්පල් කෝරළය ලෙස පැවති කෝළය කුකුළු කෝරළය බවට පත්විණි.එය පහත ජන කවියෙන් වඩාත් තහවුරැ වෙයි.


දිග්ගම්පල්ගම කුකුළා රලුකර පොරයට එන හඬ හඬලාලා

එකින් එකා මහා වාසල බල ඇති කුකුලන් මැරැවා මුල් සිඳලා

පුදුම වෙලා නරනිඳු කවදාවත් නුදුටුව මේ විශ්මය දැකලා

මතක් වන්ට මෙහි නම දිග්ගම්පල් කුකුළු කෝරලේ කව් එකලා




මෙම බිම කුකුළු කෝරළේ වීමට පෙර 'කුකුළ' නමින් හැඳින්වූ බවටද මතයක් තිබේ. ඒ බව අලගිවන්න මුකවෙටිතුමා රචනා කළ 'කුස්තන්නීනු සටනෙහි 17 වන කවියෙන්' පැහැදිලි වේ.



දෙනවක පස් රටක් -     මාතොට දෙසත්                                                       බලවත්
කුකුළ පස් යොත්නක් - අවුල් කරමින් සදා                                                  පෙරළත්




ස්වභාවික පිහිටීම අතින්ද මෙම කෝරළය කුකුලෙකුගේ හැඩහුරැකම ගනී.බෙරගල දක්වා විහිදී ඇති කඳුවැටිය කියත් දැති පෙලක් මෙන් පෙනේ. එය හරියටම කුකුලෙකුගේ කරමලය වැන්න. මෙම පෙදෙස් පසුකරමින් ගංගා දෙකක් ගලා බසියි.
මින් එකක් කුකුළු ගඟවේ. අනෙක කළු ගඟවේ. කුකුළු කෝරලය නැමති කුකුලාගේ පා දෙක මේ දෙ ගංගා වේ. ජන කවියා එයද අපූර්ව ලෙස පෙන්වා තිබේ.

උසට පෙනෙන බෙරගල සිරස        කරමල
රැවට ගලන ගංගා දෙකය               දෙකකුල
දෙපිට දෙපිය යුග වදනි විය දෙකඳු        පෙළ
එවිට පෙඳය මෙනි සති දුනු කෙයිය       ගල



කුකුළු කෝරලයේ පල්ලේපත්තුවේ ප්රධාන නගරය වූයේ අයගමයි.

හෙළ නරපතියන්ගේ කාලයේ රජයේ ආදායම හෙවත් අය එකතු කළ මධ්යස්ථාන මෙය වූ බැවින් අයගම නම ලැබී තිබේ. මෙහි මහනුවරින් ගෙනත් පදිංචි කළ ආදායම් ලේකම් කෙනෙක්, ආරච්චි කෙනෙක්, මුර මුදලි කෙනෙක්ද සිට ඇත.



Wednesday, August 7, 2019




                 සංසාරයේ ඔබ හමු වූ දිනේ
                 මා ලංවුණේ ආදරෙන්....

Friday, July 26, 2019

හීන දකින්නම බය











ඇස් ඉස්සරහම ලස්සනට තිබ්බ ගොඩක්
බලාපොරොත්තු
ඇහි පිල්ලමක් වදින වේගෙටත් කලින්
වෙනස් වෙද්දි
කොච්චර නම් ලස්සන හීන හිත්වල 
තිබ්බත්
හීන දකින්නම බය 
නැතිවුණ හීනවල දුක 
කඳුලුවෙලා වැටූණ නිසයි

Wednesday, July 17, 2019

හැබෑ නොවෙන හීන





        සමහර බැඳීම් තියෙනවා අපිට
        කවදාවත් අමතක කරන්න බැරි...
        ඒත් ඒ බැඳීම ඇතුලෙ ජීවිතේ හොයන,
        ඒ හීන අස්සෙ සතුටු වෙන, 
        අයිති නැතත් ඒ වෙනුවෙන් බලන් ඉන්න,
        ඒ වෙනුවෙන් ජීවිත කාලෙම කැප කරන,
        අපි හැමෝටම තියෙනවා 
        හිත ඇතුලින් දකින්න ආස හීනයක්
        ඒත් කවදාවත් හැබෑ නොවෙන... ♥
        

Saturday, July 13, 2019

බැඳීමක් රැකගන්න




කාලයක් ලඟින් හිටිය මිනිස්සු
ලඟින් තිබුණ දේවල්
කාලෙත් එක්ක ඈතට යද්දි
ජීවිතේ විඳින්නත් විඳවන්නත් පුරැදු වුණ අපි
හිතින් විඳවන ගමන්
ලෝකෙට පේන්න හිනාවෙන්නෙ
මුකුත් නොවුණගානට...

හිනාවකින් මිනිහෙක් මනින්න බැරිවුණාට
හරියටම බැලුවොත්,
හිනාව ඇතුලෙ තියෙන වේදනාව,සතුට, බය,
හැමදේම අපිට තේරැම්ගන්න බැරි නෑ

ඒත් අද අපි හැඟීමක් තේරැම් ගන්නවත්
උත්සහ නොකරන පිරිසක්
සමහරවිට අතීතෙ එහෙම තේරැම් ගන්න ගිය මිනිස්සුන්ට
හැඟීමක වටිනාකමක්වත් නොදන්න අය
ජීවිතේට පාඩම් කියල දුන්න නිසා වෙන්නත් පුලුවන්

අනිකගේ හැඟීමක්, දුකක්, කරදරයක්, සතුටක් තේරැම්ගත්ත මිනිස්සු
වෙන අයගෙ හැඟිම්වලින් අයුතු ප්රයෝජන ගන්න උත්සහ නොකරනතාක් හැම බැඳීමක්ම
පරිස්සම්...

කඳුලක වටිනාකමක්
හිනාවක වටිනාකමත්
තේරැම් ගත්ත මිනිස්සුන්ට බැඳීමක් රැකගන්න අමාරැ නැත්තෙ ඒකයි ♥

පසුතැවීම්



               පසුතැවීම..,

.

ඇත්තක් වෙන්න පුළුවන්, බොරුවක් වෙන්න පුළුවන්, ආදරේ වෙන්න පුළුවන්, තරහවක් වෙන්න පුළුවන්.. ඔය මොනම දේත් අපි දකින්නේ ලියපු කියපු වචනවල විතරයි.. ලෝකේ ඒ තරමට සංකීර්ණ වෙලා..

මම උඹ අපි හැමෝම එහෙම වෙලා.. අපිට ඇහෙන වචනවල අර්ථය විතරක්ම අරගන්න පුරුදුවෙලා.. ඒ හඬේ තියෙන බිඳිච්ච තැන්, කැඩිච්ච තැන්, හැංගිච්ච වේදනාවල් අපිට දැනෙන්නෙවත් නෑ.. ටයිප් වෙන වචනයක් එක්ක ඉමෝජියක් නාවොත් අපි ඒ වචනවල ඇත්තටම තියෙන කතාවල් දන්නෙවත් නෑ..

ඒ අපි දකින අහන දේවල් විතරක්.. ටයිප් කරල මකල දාපු, කියන්න ගිහින් ගිලගත්තු දාස් ගාණක් කතාවල් අපි කවදාවත්ම දැනගන්න එකක් නෑ.. ඇත්තම ජීවිත තියෙන්නේ මේ අපිට පේන තැන්වල නෙමෙයි.. ඇත්තම ජීවිත, ඇත්තම හැඟීම් තියෙන්නේ ඒ මකල දාපු දාස් ගාණක් වචනවල.. කියන්න ගිහින් හංගපු ඒ වචනවල..

කෙල්ලො කොල්ලො සෙක්ස් කරපු වීඩියෝ තරමට ස්මාර්ට් ෆෝන්වල, නෝට් බුක්වල සේව් කරපු පළ නොකරපු අසම්පූර්ණ වියමන් ලීක් වුණානම් හුඟක් ආදර කතා මීට වඩා ආදරණීය වෙන්න තිබුණා..

හැඟීම් එළියට නොදා හංගගත්තු, මොකක්ම හෝ හේතුවකට හංගපු ජීවිත සමහර වෙලාවට ජීවිත කාලෙම ඒ කියාගන්න බැරිවුණ කතා එක්ක හිතෙන් ඉකිගහගෙන ජීවත් වෙනවා.. හීනවල උතුරන්න අඬනවා..

කවදාවත් කියාගන්න බැරිවුණ, කවදාවත් නොකියන එකම එක කතාවක් හරි අපි හැමෝගෙම හිත්වල තියෙනවා..

හරියට " මම උඹට මෙච්චරක් ආදරෙයි " වගේ.. හරියට " මම මෙහෙම කරේ මේකට " වගේ.. හරියට " උඹ මට මෙච්චරක් වටිනව " වගේ.. තව ඒ වගේ දාස් ගාණක්.. ලක්ෂ ගාණක්..

මේ හැම දේකම අග තියෙනවා එකම එක හැඟීමක්.. ලෝකේ තියෙන එපාම කරපු හැඟීමක්.. අසරණම හැඟීමක්.. වෙනස් කරන්න බැරි, හරවන්න බැරි හැඟීමක්..

.

ඒ.,

පසුතැවීම..


Tuesday, July 2, 2019

ආදරේ උපරිමය මොකක්ද ?



මිනිහෙක්ට ආදරේ කරන්න පුළුවන් උපරිමය මොකක්ද?  

මම කල්පනා කරමින් හිටියේ ඒ ගැන! 

කෙනෙක්ගේ ඉහළ පහළ යන උණුසුම් හුස්මකට.. 
දෑත පා බදා සිර කරගන්නා තප්පරයකට.. සුළඟක් එක්ක පාවෙලා එන සුවඳකට.. දිළිසෙන ඇස්වලින් හෙලන බැල්මකට.. ආදරෙයි  කියන මොහොතකට.. 
ළගින් ඉඳගෙන ඉන්න මොහොතකට.. 
දුරින් ඉඳන් ආදරය දෙන වෙලාවකට.. 
මේ හැම විදියකටම හැම තප්පරයකම ආදරය අඩු වැඩි වශයෙන් තිබුණා..

ඒත් උපරිමය...

ඒ ආදරයේ උපරිමය තිබුණේ, 
ඔබ මට කිසිලෙසක ආදරය නොකළ මොහොතක!  
ඒ මොහොතේ අසීමාන්තිකව, අප්‍රමාණව ආදරය කළේ මම!  
ඒ තමා උපරිමය!

අදටත් ඒ නිසා ඔබ තමා උපරිම ආදරය ! ♥️



Friday, June 14, 2019

අම්මා ලඟ දැනෙන සැනසීම





ගිනිගෙන දැවෙන පාලු හිතකත්
අසිමිත දුක් ගැහැටක 
වුනත්
නවත්තන්නට බැරි කදුලු කැට නොනැවතී වැටුණත්
බෝ මැඩක දැනෙන සැනසීමම
අම්මා ලඟ දැනෙන හින්දයි
අම්මේ මං ගෙදර දුවන්නේ 

Wednesday, June 5, 2019

වැරදුණේ කොතනද



එක කාලෙක ගත්තු සමහර තීරණ
ජීවිතේ සතුටටත් දුකටත් හේතුවක්
දුකක් දැනෙද්දි හිතෙනවා
වැරදුණේ කොතනද කියලා
ආයිත් යන්න පුලුවන්නම් අතීතෙට
ඒ අතීතේ වෙනස් කරන්න කියලා
අනන්තවත් අපි හිතනවා
මොකද අතීත කතා අමතක කරන්න 
අලුතින් ජීවිතේට පාර හදාගන්න
අපි හැමෝම  කැමතී...
වේදනාවෙන් ජීවත් වෙනවට වඩා
සතුටින් ඉන්නයි අපි කැමති


සැනසීම සොයන ජීවිත





 හිතට සැනසිල්ලක් ගේන්න
 අපි අදහන ආගමට
 අපි කැමති දර්ශනයට
 නිතැතින්ම පුලුවන්
 හිත් අස්සේ දැවෙන ගින්දර
 වෙනකෙකුට නොකිව්වත්
 ඔයත් මමත් අපි කවුරැත්
 අපේ වේදනාව
 දෙවියන්ට කියනවා ඒකයි ඇත්ත
 අන්න ඒ නිසයි අදටත්
 දුකක් කරදරයක් දැනුනත්
 පන්සලට පල්ලියට කෝවිලට
 අපි ගිහිං හිත නිවාගන්නේ

අතීත සිතුවිලි





වැටුණු තැනකින් ගොඩ ඇවිත්
අපි සාර්ථක වෙනවා තමයි
නමුත් අතීත සිතුවිලි වෙලාවකට
හිත අස්සේ හොල්මන් කරද්දි
කොච්චර හිත හයිය කරගෙන හිටියත්
අතරමං වුණු මූසල හැඟීමක් ඇවිත්
ජීවිතේම අතරමග නවතිනවා...
මොකද උඩු හිත කිව්වට 
මං සතුටින් කියලා
යටි හිත ඒක පිලිගන්නේ නෑ

Saturday, May 18, 2019

උගත් පාඩම්





                         අතීතයේ සිදු වු ඛේදවාචක
                                      අනාගතයේ ඔබේ
                                   ප්රාග්ධනය වෙයි !

සොබාදහම







සොබාදහමට පුලුවන් හිතක් නිවන්න
වැටිල කැඩිලා බිඳිලා ගිය
හිත් හදන්න.
අව්වට වැස්සට තෙමි තෙමී වේලි වේලි
ගෙවෙන ජීවිතවලට
ඔසුවක් වෙන්න 
ඔව් පරිසරයට පුලුවන්

මුහුණට හිනාවක් ගේන්න
හිතට නිදහසක් දෙන්න
ගතට සිසිලක් වෙන්න
මේ සොබාදහමට පුලුවන්


ගතින් ලෙඩවුණත්, හිතින් ලෙඩවුණත්
සැනෙකින් විඩාව සුවකරන
අරැම පුදුම ඔසුවක්
සොබාදහම.

සාර්ථකත්වය






 සාර්ථකත්වයට නිර්වචන නෑ
 තම තමන්ගේ අදහස 
 තමයි, තමන්ගේ සාර්ථකත්වයට 
 පාර කපන්නේ

 ඔබ දකින සාර්ථක බව
 මා දකින සාර්ථක බව 
 නොවෙන්නත් පුලුවන්
 හැමදේම තීරණය වෙන්නේ
 හදවතේත් බුද්ධියේත්
 එකතුවෙන්

සාර්ථක චරිතතයක 
පසුගිය කතාව වේදනාත්මක 
වෙන්නත් පුලුවන්
වේදනාව මිනිස්සු ශක්තිමත් කරනවා
කියන්නේ ඒකයි

වේදනාව ශක්තියක් කරගෙන ගොඩනැගුණු ජීවිත කතා
ආයිත් කෙනෙක්ට වට්ටන්න හිතන්නවත් බැරි තරමට
ශක්තිමත් වෙන්නේ ඒකයි ;

ජීවිතේ








ජීවිතේ කියන්නේ කතාවක්,
ඉවර නොකරපු.
තත්පරයක් ගානේ මේ කතාවට
මිනිස්සු , සිදුවීම් බැඳෙන නිසාම
නිශ්චිත සීමාකවකට යටත් නොකරම
මේ කතාව විඳින්න හෝ විඳවන්න
වෙන්නේ ඒකයි.

හිතින් හිතන අවසානේ
දකින්න ආස වුනත්
මේ කතාවට තියෙන්නේ
කටුස්සෙක් පාට මාරැ කරනවා වගේ
චංචල බවක්

කෙනෙකුගේ කතාව සතුටින් ඉවර වෙද්දී
තවත් කතාවක් කඳුලු ගඟක් වෙලා
ඉවර වෙන්නත් පුලුවන්
නමුත් කතාවේ රචකයා වන ඔබටත් මටත්
කතාව යම් තරමකට හෝ
අපේ කැමැත්ත මත තීරණය කරන්න පුලුවන්

ඒ නිසයි දෛවයට අභියෝග කරපු මිනිස්සුන්ගේ කතා
අනිත් අයගෙන් වෙනස් වෙන්නේ.

ප්‍රතික්ෂේප කිරීම




               ප්‍රතික්ෂේප කිරීම යනු සෑම විටම තෝරාගැනීමකි 
එය ඔබට වෙනත් හොදම දෙයක් ආදේශ කිරීමට හෝ යමකින් මුදවා හිස්ව තැබීමට ඉඩ හසර ලබා දේ ! 
අත්හැරීමට අත්දැකීම් ලබා දේ. 

ඉතින් එය හොදම ඔසුවකි!

Tuesday, May 7, 2019

වේදනාව 😢



                 


                     වඳින්නට දෙවිඳුන් බැතින්
                     ගියත් බැති සිත පෙර දරන්
                     නොසිතු මොහොතක 
                 දඩයමක් වුණි පාපතරයන් අතින්
                     ගතේ වේදනාවට වැඩි
                      හිතේ වේදනා හංගන්
                      දුර බලන්නේ කුමක් වුණිදැයි
                      සිතාගත නොහැකිව සැනින්

විශ්වාසය




   
               
                      පායනා හිරැ සේ 
                      ශක්තියයි ඔබ අපේ
                      අව් වැසි සුලං හමුවේ
                      අපවමයි නිති රැකුවේ
                     ඉතිම් මිහිපිට සිටින දෙව්ඳුන්
                      ඔබයි විශ්වාසය දැයේ

දරැ දුක



         


               කඳුලුබිඳු  නම් කොතෙක් වැටුණද
              නැවත ගන්නට බෑ අතීතය
              නවාතැන්ගත් මිහිරි මතකය
                ගෙනෙයි සෝ දුක් පාරවා හිත
              විඩාබර වූ දෙනෙත් අභියස
               පපුතුරේ පෑරෙනා දුක්කඳ
               කඳුලු විලසින් කොයි තරම් කල්
                ගෙවාගන්නද මගේ දරැ දුක

අනියත ජීවිතය






  වින්ද නිදහස අහිමි වී අද
      මරණයට අත වනාලා
      ගෙවෙන තත්පරයත් ගෙවෙන්නේ
      හිතේ සැකයෙන් පිරීලා
      

Monday, April 15, 2019

මතකයන් අභිනික්මනය






                          මතකයන් අභිනික්මනය කර
                           සැමරුම් රෑනක 
                           නිදන්ගතව !
                          
                     

Tuesday, April 9, 2019

මතකයන්

                           

                           

මතක් කර කර හිනාවෙන්නත්
මතක් කර කර අඬන්නත්
ජීවිතේ තේරැම් ගන්නත්
මතකයන් තරම් වටින දෙයක් නැහැ.

Friday, April 5, 2019

ජීවිත ගමන

                                                 
                                             

හිතන තරමට ලේසි නෑ...ජීවිතය ගලන ගඟකට තියෙන
තරමත් වැඩී බාධක
වැටි වැටී නැගිටිනා
තරමට
ශක්තිමත් ඔබ තනන
පියවර....

තනිකම

Thursday, April 4, 2019

ආදරය





ගොතන්නට ජීවිත කවිය මට
අරැත්බර පද රටා අමුණා
සෙනෙහසේ මංපෙතේ යන්නට
සවිය විය මා අසල සිටිනා
නිවන්නට ගිණි හිත ලඟම දැවෙනා
සෙවන ඔබ විය හිතම හදනා

Life




    Many times we think to give up life.but it not a solution. This picture is given many reasons to live in life. We all face to hardtimes. Everyday is not good or bad.
One day you will archive your goals. Leave or live you should decide it.

හදවතේ කැඩපත මුහුණ

     
කෙනෙක්ගේ සතුට මනින්න පුලුවන්
එක මිම්මක් ඒ කෙනාගේ හිනාව... 

කෙනෙක් ඇත්තටම සතුටින් නම් ඒ හිනාවත්, 
හිතේ ලොකු දුකක් එක්ක හිනාවෙන්න හදනවනම්, 
හිනාවේ වෙනස දකින්න හොඳටම පුලුවන්....

හිනාවෙන් මුහුණ පිරැණට,
ඇස්වලින් හිත කියවන්න පුලුවන්...
ඇස්වලින් පේන හැඟීමෙන්
හිතේ තියෙන දේ දකින්න පුලුවන්...
ඇස්වලින් කියවෙන දේ මුහුණම වෙනස් කරනවා...

හදවතේ කැඩපත මුහුණ කියල කියන්නෙම ඒකයි.... ❤
       
           


බලාපොරොත්තු

                                 

ඕනිම මිනිහෙක් ඇතුලේ බලාපොරොත්තු
තියෙනවා...
සමහරැන්ට බලාපොරොත්තු අහස උසට නෑ
සමහරැන්ගේ බලාපොරොත්තු අහස උසට...

බලාපොරොත්තු මිනිස්සුන්ව ජීවත් කරවනවා...
ජීවත් වෙන්න හේතු හොයලා දෙනවා...

මිනිහෙක්ගෙන් මිනිහෙක්ට බලාපොරොත්තු වෙනස්
හැබැයි ඒ ලොකු පොඩි හීන අස්සේ තියෙන්නේ
ඒ මිනිහගේ ජීවිතේ ජීවත් කරවන්න හේතුවෙන ශක්තිය...

මරණාසන්නව ඉන්න කෙනෙක්වුනත් ඒ හිත ඇතුලෙත් ජීවත්වෙන්න ආසාවක්, බලාපොරොත්තුවක් තියෙනවා...

අහස උසට තිබුණු හීන බිඳුනත්,
අහිංසක පුංචි හීන බිඳුණත්
ඒ හීනේ, බලාපොරොත්තුවේ අයිතිකාරයාගේ දුක... මහමෙරක් වගේ...

ඒ හින්දම අනුන්ගේ හීනවලට, බලාපොරොත්තුවලට කවදාවත් අකුල් හෙලන්න එපා බං...
සමහරවිට ඒක ඒ මිනිහට ජීවත්වෙන්න තියෙන අන්තිම බලාපොරොත්තුව වෙන්නත් පුලුවන්...

මග බලන හිත



අවර යන හිරැ ලඟ නතරවුණි... 
යලි දිනෙක පායන නිසා... 

බැසයනා සඳ අසල රැඳුනෙමි... 
මතුදිනෙක බැබලෙන නිසා... 

හැරී යන රැළි ලඟ සසල වුණි... 
සයුර නිසසල නැති නිසා... 

සදා නොඑනා ඔබ පතා ඉමි... 
ඔබට ඇති පෙම වැඩි නිසා... 
           
            

Hard time is the best time

             
Life is a journey. If you feel this journey as  hard, don't be sad or don't get fear. Train your mind to be happy every moment. Then you can happy whole life time.

Wednesday, April 3, 2019

TRAIN YOUR MIND TO BE HAPPY




You have a train of thought on which you ride when you are alone and quietly thinking.  The self-worth you feel, as well as the happiness your life brings, depends upon the direction in which this train is moving, the baggage it carries and the emotional space through which it travels.  Between life’s stimulus and your reaction is where this space exists; within it is your power to choose how you react, and in your reaction lies your growth, freedom and happiness.